Saturday, May 18, 2024

General line - 0115112241

වසර 124ක ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් උළෙලක් කල් යයි




ජපානයේ ටෝකියෝ නුවරදී ලබන ජූලි 24 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. 

ඒ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. මෙවර ඔලිම්පික් උළෙලට මහා බි‍්‍රතාන්‍යය සහභාගී නොවන බව එරට ඔලිම්පික් සංගමය දැනුම් දීමත් සමගයි මෙම තීරණයට එළඹ ඇත්තේ. 

මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව ඕස්ටේ‍්‍රලියාව සහ කැනඩාවද මීට පෙර දැනුම් දුන්නා. 

අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඞ් ප‍්‍රකාශ කර ඇත්තේ, ඔලිම්පික් උළෙල පැවැත්වෙන දිනයක් ස්ථිරව ප‍්‍රකාශ කළ නොහැකි වුවද එය එළඹෙන ජූලි 24 වනදා නොපැවැත්වෙන බව ස්ථිරව කිව හැකි බවයි. 

වසර 124 ක ඔලිම්පික් ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් කල් දැමූ පළමු අවස්ථාව ද මෙය වනවා.