Thursday, May 16, 2024

General line - 0115112241

පැය 24ක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138ක්




මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ ගණන 16,499 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන තුන්ලක්ෂ 78,741 ක්. 

ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් කොරෝනා මරණ 600 කට අධික සංඛ්‍යාවක් වාර්තා වනවා. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 4,789 ක්. 

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 138 ක් වාර්තා වන අතර එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද එයයි. 

ගත වූ පැය 24 තුළ වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ද අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 10,152 ක්. ස්පාඤ්ඤයෙන්ද කොරෝනා මරණ 539 ක් වාර්තා වනවා.