Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා පාලනය කළ චීනයෙන් යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක් - චීනයට කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති




චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 

මරණ 7 ක් ද ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ. මෙම තත්ත්වය කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ දෙවන වරටත් පැතිර යාමේ අවදානමක්දැයි සැක මතුව තිබෙනවා. 

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සිදු වු බවට සැලකෙන වූහාන් ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු  සතියකට පමණ පසු වාර්තා වීම ද විශේෂත්වයක්. 

චීනයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 81,171 ක්. සිදුව ඇති මරණ ගණන 3,277 ක් වනවා.