Sunday, May 19, 2024

General line - 0115112241

එළවලූ කිලෝග‍්‍රෑම් ලක්ෂ 10 කට අධික ප‍්‍රමාණයක් රජය මිලදී ගනී

අශෝක එරමිනිගම්මන




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (24) දිනයේ ගොවීන් විසින් රැගෙන පැමිණි එළවලූ කිලෝ ග‍්‍රෑම් ලක්ෂ 10 කට අධික ප‍්‍රමාණයක් රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ගොවීන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද පෙවරුවේ එළවලූ තොග රැගෙන විත් තිබුණ ද ඒවා මිලට ගැනීමට පිට පළාත්වල වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් හටගත්තේ උණුසුම් තත්ත්වයක්.

පසුව රජය විසින් ගත් තීරණයකට අනුව ගොවීන් විසින් රැගෙන විත් තිබූ සියලූ එළවලූ තොග බාර ගත් බවට ගොවීන් වෙත බිල්පතක් නිකුත් කරන ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ව්‍යාපාරිකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම එළවලූ තොග කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කර, එම ප‍්‍රදේශවල පිහිටි සුපිරි වෙළඳසැල් සහ සතොස හරහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර දිවයිනේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය කෘෂිකර්ම හා සත්ව පාලන වැඩ   සටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වේ.)