Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 102 ක් දක්වා ඉහළට




මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි.
 

.........................................................................................................

කොරෝනා රෝගීන් ගණන 101 ක් දක්වා ඉහළට 

(24-03-2020 16:54)

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

අද දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත.

.....................................

ලංකාවෙන් 100 වන කොරෝනා රෝගීයාත් වාර්තා වේ 

(24-03-2020 15:25)

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන මේ වන විට 100 දක්වා වැඩි වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඉන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ වන විට රෝහල් ගත කොට සිටින සැක කටයුතු පුද්ගලයින් සංඛ්‍යාව 229ක් වේ.