Sunday, May 19, 2024

General line - 0115112241

ඇඳීරි නීතිය පනවා තිබුණත් " ෆාමසී" විවෘතව තබන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය




රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඖෂධ ලබා ගැනීම සඳහා දිවයින පුරා පිහිටි ඖෂධ අලෙවිසැල් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවලදීත් විවෘත කොට තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී පුද්ගලයෙක්ට සිය බෙහෙත් වට්ටෝරුව හෝ සායනික පොත පොලිසියට හෝ ආරක්ෂක අංශ වෙත පෙන්වා ඖෂධ අලෙවිසැල් වෙත යාමට අවසර හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

ජනතාවගේ දෛනිකව ඖෂධ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.