Sunday, May 19, 2024

General line - 0115112241

වැඩිහිටියන්ට කොරෝනා වැළඳීම වලක්වා ගැනීමට උපදෙස් මාලාවක්




නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම තුළින් වයසින් වැඩි පුද්ගලයින් එම වෛරසය මගින් අවදානමට ලක්වීම වැළැක්වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යයාලය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

වැඩිහිටියන් අන් අයට සමීප වීමෙන් වැළකීම, රෝහල් සායන වෙත යාම අවම කර ඖෂධ අන් අයෙකු මගින් සමීපයේ ඇති ඔසු සලකින් ලබා ගැනීම, දරු මුණුබුරන් ඇතුළු පවුලේ අය සිප වැළඳ ගැනීමෙන් වැළකීම එහි ඇතුළත් උපදෙස් කිහිපයක්.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි අවදානමට ලක් වන කණ්ඩායමක් ලෙස වයසින් වැඩි පිරිස් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30 ක් පමණ වන වැඩිහිටි ප‍්‍රජාව නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහායි එම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ.