Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයේ මීලඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාවයි : ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි




කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනතුරු අඟවා සිටියා.

ගතවූ පැය 24 තුලදී ලොවපුරා වාර්තා වූ නව කොරෝනා වෛරස් ආසාධිතයින් ගෙන් සීයයට 80 ක ප්‍රමාණයක් යුරෝපය සහ අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර ඒ අතුරින් හරි අඩක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වීම විශේෂත්වයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලේ.

මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව හා සැසදීමේදී ඉදිරියේදී අමෙරිකාව කොරෝනා වෛරසය ව්‍යාපත්වීමේ විශාල ඉඩකඩක් පවතින බවට පෙනී යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටින්නේ.

මේ වන විට කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ පුද්ගලයින් 600 කට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 46,500ක් වනවා.