Sunday, May 19, 2024

General line - 0115112241

කෝවිඞ් 19 පරදවන්න වගකීමෙන් කටයුතු කරන්න - සංගක්කාරගෙන් සහ මුරලිගෙන් පණිවුඩයක්




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගනු ලැබ ඇති උත්සාහයට සහය ලබා දෙන්නැයි හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාර සියලූ ශී‍්‍ර ලාංකිකයන්ගෙන් නැවත ඉල්ලීමක් කරනවා. සියලූදෙනා එක්ව කටයුතු කළහොත් නව කොරෝනා ව්‍යසනය ඉක්මණින්ම ජයගත හැකි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එංගලන්තයේ සංචාරයක යෙදී සිට යළි මව්බිමට පැමිණීමෙන් පසු මේ වනවිට සිය නිවසේදී ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින කුමාර් සංගක්කාර සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් මෙම අදහස් පළ කළා. 

මේ අතර, සියලූදෙනා එක්ව කටයුතු කළහොත් නව කොරෝනා ව්‍යසනය ජය ගත හැකි බව හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද අවධාරණය කළා.  ඇඳිරි නීතිය ඊයේ පැය කිහිපයකට ඉවත් කෙරුණු අවස්ථාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඔහු ද බත්තරමුල්ල ප‍්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් වෙත පැමිණ සිිටි අතර ඔහු වෙළඳසැලට ඇතුලූ වූයේ සෙසු පිරිස් මෙන්ම දිගු පෝලිමක ද රැඳී සිටිමින්. මුත්තයියා මුරලිදරන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූයේ ඉන් අනතුරුවයි.

ශී‍්‍ර ලංකාවෙන් මේ වනවිට හඳුනාගනු ලැබ ඇති මුළු නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක්. ඔවුන්ගෙන් 03 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.