Sunday, May 19, 2024

General line - 0115112241

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් හමුවී නෑ - සෞඛ්‍ය ඇමතිනිය කියයි




අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියා.

ඒ හේතුවෙන් සෑම විටම මිටරයක පරතරය පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙසයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකි බවත් ඒ සඳහා මහජනතාව පෙළ ගැසිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.