Sunday, May 19, 2024

General line - 0115112241

බන්ධනාගාර ගත ඇතැම් රැඳවූවන් නිදහස් කළ හැකි දැයි සොයා බැලීමට තවත් සාකච්ඡාවක්




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිර යාම වළක්වාලීම සඳහා තවත් පියවරක් ලෙස බන්ධනාගාර ගත ඇතැම් රැඳවූවන් නිදහස් කළ හැකි දැයි සොයා බැලීමට තවත් සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම්වරයාගේ සහභාගීත්වයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ. 

ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව තවදුරටත් බන්ධනාගාර ගතව සිටින රැඳවූවන් ඉක්මනින් මුදා හැරීම පිලිබඳ පළමුවෙන් සලකා බැලෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

බන්ධනාගාරවල පවතින තදබදය පිළිබඳ ජාතික නීති සම්මේලනයේදී ද,ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයා වෙත කරුණු පෙන්වා දුන් බවයි නීතීඥ කෞශල්‍ය නවරත්න මෙහිදී කියා සිටියේ.