Sunday, May 19, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ඉවත් කළ හැක්කේ කවදා ද? - පොලිසියෙන් පැහැදිළි කරයි




ඇඳිරි නීතිය ඉවත් කිරීම හෝ නොකිරීම සිදුකළ හැක්කේ මහජන හැසිරීම අනුව බව පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙන්වා දෙනවා.

ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ කවදාදැයි බොහෝ දෙනා විමසා සිටින බවයි ඔහු පැවසුවේ.

එහෙත්, ඊට පිළිතුර ඇත්තේ තමන් හෝ රජය සතුව නොව, මහජනතාව සතුවම බව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

ඇඳිරි නීතිය පනවනු ලැබ තිබෙන්නේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා පාලනය කිරීමේ අරමුණින් බව ද මෙහිදී සිහිපත් කෙරුණා.