Sunday, May 19, 2024

General line - 0115112241

නිවෙස් වෙත ආහාර ද්‍රව්‍ය ගෙනත් දෙන්න තැපැල් දෙපාර්තමේන්තුවේ සහයත්




ආහාර, ඖෂධ හා අත්‍යවශ්‍ය වෙනත් ද්‍රව්‍ය නිවෙස්වලට රැගෙන ගොස් ලබාදීමේ යාන්ත‍්‍රණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ ද සහය ලබාගැනීමට යෝජනා වී තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දෙමින් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවා. 

මේ අතර පීඩාවට පත් පුද්ගලයින්ට සහනයක් ලෙස ණය වාරික අයකර ගැනීම තාවකාලිකව සිදු නොකිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබියදීත්, ඇතැම් බැංකු විසින් මෙම මස වැටුපෙන් ණය වාරික අඩු කරගෙන ඇතැයි ද පැමිණිලි ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප‍්‍රතිචාර දැක්වුවා. 

එහිදී ඔහු පෙන්වා දුන්නේ "අප්‍රේල් මස වැටුපේ සිට වැටුපෙන් අඩු කරන ණය වාරික අඩු කරන්නේ නෑ." යනුවෙනි.