Saturday, May 18, 2024

General line - 0115112241

කොළඹ වරායට පැමිණි කොලම්බස් නෞකාව ගැන කරුණු කියයි




කොළඹ වරායට පැමිණි කොලම්බස් නෞකාව සම්බන්ධයෙන් පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව නාවික හමුදාව අවධාරණය කරනවා.

මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ ඉකුත් 23 වැනිදායි. ඒ, මගී ප‍්‍රවාහන ගුවන් යානා සහ නෞකා ශ‍්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබියදීයි.

නෞකාවෙන් නිලධාරීන් කිහිපදෙනෙකු බැස යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය මගින් හුවමාරු වුණා. දකින්නන්ට අනවශ්‍ය සැකයක් උපදවන පරිදි මෙම වීඩියෝව ඇතැම් අය විසින් සමාජ මාධ්‍යයේ පළකර තිබුණු බවයි නාවික හමුදාව පවසන්නේ.

එහෙත්, අදාළ නෞකාව සම්බන්ධයෙන් එවැනි අනවශ්‍ය සැකයක් ඇති කර නොගත යුතු බව මෙහිිදී අවධාරණය කෙරුණා. 

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ මෙම නෞකාව ඉන්දුනීසියාවේ සිට වෙනත් ගමනාන්තයක් කරා යාත්‍රා කරමින් සිටි නෞකාවක් බවත් එයට ජලය වැනි අත්‍යාවශ්‍ය කටයුතු නිසා කොළඹ වරායට පැමිණීමට ඉල්ලා සිටි බවයි.