Saturday, May 18, 2024

General line - 0115112241

ඉදිරියේ පැමිණෙන අභියෝග වලට මුහුණ දීමට සැලසුම් සකස් කළ යුතුයි - හිටපු මහ බැංකු අධිපති 




"කොවිඩ්-19 ව්‍යසනයට පසු" එළඹෙන කාල වකවානුව සඳහා නව ගෝලීය ආර්ථික පදනමක් සහ ව්‍යුහයක් සකස් කිරීම වැදගත් බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර සිටිනවා.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලෝකයේ බලවත්ම රටවල ආර්ථිකය පවා කඩා වැටී ඇති අවස්ථාවක එම ව්‍යසනයෙන් මතුවන අභියෝගවලට සහ ප්‍රශ්න වලට මුහුණදීමට ශක්තියක් ලබා ගත හැකි ආර්ථික පදනමක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද ගොඩ නැගීමට අවශ්‍ය බවයි හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ.

එම නව අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව දියත් කළ යුතු ඉදිරි වැඩසටහන් හා ඒ පිළිබඳව සාකච්ඡාවක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරුණු ඊළඟ සතිය තුලදී ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.