Sunday, May 19, 2024

General line - 0115112241

වැඩි මිලට එළවලූ අලෙවි කරන්නන් සොයා රට පුරා වැටලීම්




නියම කර ඇති පාලන මිල ඉක්මවා එළවලූ අලෙවි කරන්නන් සොයා රට පුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

අධික මිල ගණන් යටතේ එළවලූ අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණිලි ලැබෙමින් ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

අධික මිල ගණන් යටතේ බොහෝ ප්‍රදේශවල එළවලූ අලෙවි කරන බවට නෙත් නිවුස් ඉකුත් දින කිහිපයේ අවස්ථා කිහිපයකදීම කරුණු අනාවරණ කළ අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය එළවලූ සදහා උපරිම මිලක් නියම කළේ ඉන් අනතුරුවයි

මේ අතර, වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පාලන මිල ඉක්මවා එළවලූ අලෙවි කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ අනාවරණයකින් පසු වෙළදසැල් 02 කට මුද්‍රා තැබුණා.