Sunday, May 19, 2024

General line - 0115112241

අටලුගම කොරෝනා රෝගියාගේ පවුලේ දෙදෙනෙක් රෝහල් ගත කරයි




කොරෝනා වෛරසය වැලදී ඇති බවට පෙරේදා (26) දිනයේදී තහවුරු වූ බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ පදිංචි රෝගියාගේ පියා සහ සහෝදරිය කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එම දෙදෙනාටද කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග ඔවුන් රෝහල් ගත කර ඇත.

ඊයේ දිනයේදී අටලුගම ප්‍රදේශය සම්පුර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව කටයුතු කරනු ලැබුවා.