Sunday, May 19, 2024

General line - 0115112241

ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදි මතු වන අවහිරතා ඉවත් කිරීමට අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්




ඇදිරි නීතිය පවතින කාල සීමාව තුළදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවහිරයකින් තොරව එම ප්‍රවාහන කටයුතු සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති සී ඞී වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින් වෙත ලබා දීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව කරගෙන යාම සදහා අවශ්‍ය එළවලූ, පලතුරු සහ පොල් ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍ය, නිෂ්පාදන ස්ථානවල සිට වෙළදපොළ වෙත අපහසුතාවකින් තොරව ලැබිය යුතු බැවින් අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළේ.

එමෙන්ම , ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා සහ අවහිරතා සිදු වන බවට ලැබුණු තොරතුරු පිළිබදව ද මෙම උපදෙස් ලබා දීමේදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළේ.