Sunday, May 19, 2024

General line - 0115112241

දිවයින පුරා ඇදිරි නීතිය දැඩිව - කොරෝනා අවදානම ඉදිරියේ නීති කැඩූ 1167 අත්අඩංගුවට




ඉකුත් 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 5,185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 ක්.

මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 1,293 ක් වන බව ද පොලිස් මූලස්ථානය සදහන් කළා. ඊයේ පස්වරුවේ සිට ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ඒ සදහා යුද හමුදාව ද සහය ලබා දී තිබෙනවා.

ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී නිරෝධායන නීතිවලට ගරු කරමින් ඵලදායී කටයුතුවල නිරත වන ලෙසයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.  දිවයිනේ බොහෝ ප්‍රදේශවල මාර්ග ඉකුත් දින කිහිපයට වඩා පාලූ ස්වභාවයක් ගෙන තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ