Saturday, May 18, 2024

General line - 0115112241

බේකරි නිෂ්පාදන මගින් කොරෝනා පැතිර යා හැකි ද? - IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැහැදිළි කරයි




පාන් හෝ බේකරි නිෂ්පාදන මගින් නව කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ඇතැම් අය පළ කරන අදහස් සත්‍යයෙන් තොර බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියා සිටියේ ආහාර මගින් කොරෝනා වෛරසය පැතිර නොයන බවයි. 

ආහාර අලෙවි කිරීමේදී ආහාර අත්වලින් ස්පර්ශ නොකර අත් ආවරණ පැළඳීම හෝ ආහාර ඇල්ලීම සඳහා කිසියම් උපකරණයක් භාවිත කිරීම වඩාත් සුදුසු බව ද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.