Tuesday, May 14, 2024

General line - 0115112241

ගෙවී ගිය පැය 24 තුළ ලොව පුරා කොරෝනා මරණ 3095ක්




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛසරය හේතුවෙන් ලොව පුරා වාර්තා වන ආසාදිතයින් ගණන හත්ලක්ෂ 21, 412 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉකුත් පැය 24 තුලදී පමණක් ලොවපුරා නව කොරෝනා මරණ 3,095 ක් වාර්තා වුණා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එම ගණන 821 ක්.

ඉතාලියේ ද ගතවු පැය 24 දී කොරෝනා මරණ 756 ක් සිදුව තිබෙනවා.

ඊට අමතරව ප‍්‍රංශයෙන් මරණ 292 ක්, බි‍්‍රතාන්‍යයෙන් මරණ 209 ක් හා අමෙරිකාවෙන් මරණ 255 ක් ගතවූ පැය 24 තුලදී වාර්තා වුණා. 

කෙසේවෙතත්, තවදුරටත් වැඩිම නව කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන එක්ලක්ෂ 41, 854 ක්. ගතවු පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 18,276 ක් වාර්තා වුණා. එරටින් වාර්තා වන මුළු නව කොරෝනා මරණ ගණන 2,475 ක්. 

මේ වනවිට ලොව පුරා සිදුව ඇති නව කොරෝනා මරණ ගණන 33,956 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.