Saturday, May 18, 2024

General line - 0115112241

ශ‍්‍රි ලංකාව තවමත් අවදානම් කාලයක




ඇඳීරි නීතිය තාවකාලිකව ඉවත් කිරීම, අවදානම පහව යාමක් ලෙස කිසිවිටෙකත් නොසලකන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ශ‍්‍රි ලංකාව තවමත් සිටින්නේ නව කොරොනා පැතිර යාම සම්බන්ධයෙන් අවදානම් කාලයක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව කියා සිටියා. එහිදී "වෙනත් රාජ්‍යන්වලින් මේ පිළිබඳ උදාහරණ ගත්තොත් අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව අසීමිත ලෙස ඉහළ යන්න පටන් ගන්නේ පළවෙනි ආසාදිතයාගේ සිට දින 50කට පස්සෙ. " යනුවෙන් ද සඳහන් කළා.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලයේදී වුවද, නිවසින් බැහැරව යාම අත්‍යවශ්‍යම කරුණු සඳහා පමණක් සීමා කරන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.