Saturday, May 18, 2024

General line - 0115112241

'ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර' ගමේ පන්සල මුල් කරගත් ගමනක




ශ‍්‍රී ලාංකේය ඉතිහාසය පුරා  ඕනෑම ව්‍යවසන අවස්ථාවකදී ඊට මුහුණදීම සඳහා ජන සමාජයට නායකත්වය ලබාදුන්නේ ගමේ පන්සල බව නැවත සිහිපත් කෙරෙනවා.

නව කොරෝනා පැතිර යාමත් සමග ඇතිවි තිබෙන ව්‍යවසනයට මුහුණ දීම සඳහා ද ගමේ පන්සල මුල් කරගත් වැඩපිළිවෙළක් දිරිගැන්වීම වෙනුවෙන් ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර ආරම්භ වී තිබෙන්නේ ද ඒ අනුවයි.

ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ සිත් නෙත් අසපුව සන්වාදයේදී ද මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ, අපි ජාතික බලවේගයේ විධායක සභාපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ ගමේ පංසල අතීතයේ සිට ජනතාව නිසි මගට යොමු කිරීමේ නායකත්වය ගත් බවට ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ ඇති බවයි. 

අපට අවශ්‍ය දේ අපටම නිපදවා ගත හැකි නම්  ඕනෑම ව්‍යවසනයකට ශක්තිමත්ව මුහුණදිය හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.