Saturday, May 18, 2024

General line - 0115112241

තීරණ ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතුයි




ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතු බවත් දැනුම් දෙනවා.

ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව දැනුම් දෙන බවද එම නිවේදනයේ සඳහන්.