Saturday, May 18, 2024

General line - 0115112241

ඖෂධ හිඟයක් රටේ නෑ




ඇතැම් ප‍්‍රදේශවලට අද (30) තාවකාලිකව ඇඳීරි නීතිය ඉවත් කෙරුණත්, එම කාලයේදී වුවද, ඖෂධ ශාලා ඉදිරිපිට හෝ අනවශ්‍ය ලෙස රැස් නොවන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණු මීට පෙර අවස්ථාවලදී බොහෝ ඖෂධ ශාලා ඉදිරිපිට ජනතාව අනවශ්‍ය ලෙස රැස්ව සිටි බවයි නෙත් නිවුස් නීරික්ෂණය කළේ.

ඒ පිළිබඳ කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මෙම අදහස් පළ කළා.  

රටේ කිසිඳු ඖෂධ හිගයක් නොමැති බව ද ඖෂධ ශාලාවල යම් ඖෂධ නොමැති නම් ඊට වගකිව යුත්තේ අනවශ්‍ය ලෙස ඖෂධ මිලදී ගත් ජනතාව බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අවම වශයෙන් මාස 06 ක් සඳහා ප‍්‍රමාණවත් ඖෂධ තොග ශ‍්‍රී ලංකාවේ මේ වනවිට තිබෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.