Saturday, May 18, 2024

General line - 0115112241

සීතාවකපුර ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ සේවකයින් වෛද්‍ය පරීක්ෂණයක් පසු නිවෙස් වෙත පිටත් කර හැරේ




සීතාවක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ සේවයේ යෙදී සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කර හැරීම අද සිදු කෙරුණා. 

නියමිත සෞඛ්‍ය අධීක්ෂණයන් යටතේ මෙම කටයුතු සිදුකෙරුණු බවයි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සීතාවක කලාපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ යශෝධරා බෝගමුව පැවසුවේ. 

නිවෙස් වෙත පිටත් කර හරින පිරිස් සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

සියලූ ආයෝජන ප‍්‍රවර්ධන කලාප තාවකාලිකව වසා දැමීමට රජය ඉකුත් දා තීරණය කළා.