Tuesday, May 14, 2024

General line - 0115112241

අවධානමට ලක්වෙලා ඉන්නේ සමස්ත මනුෂ්‍ය සංහතියයි : ලෝක යුද්ධයෙන් පසු විශාලතම ගෝලීය අර්බුධය මෙයයි




දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇතිවූ විශාලතම ගෝලීය අර්බුධය කොරෝනා වෛරසය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුට්ටෙරෙස් අනතුරු අඟවමින් සඳහන් කර සිටිනවා.

වසංගතයේ සමාජ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් වූ වාර්තාවක් එලි දැක්වීමේ අවස්ථාවේදී මහ ලේකම්වරයා කියා සිටියේ අස්ථාවරත්වය සහ නොසන්සුන්තාවය වැඩිවීම හේතුවෙන් ගැටුම් ඇතිවීමේ වැඩි අවධානමක් ඇති බවයි.

" මෙතන අවධානමට ලක්වෙලා ඉන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයා බව තේරුම් ගෙන සියලු දෙනා එකට එකතුවී දේශපාලනය අමතක කරලා වැඩ කරන්න අවශ්‍යයි.

පවතින අර්බුධයේ තරමටම අපගේ ප්‍රතිචාරයත් විශාල විය යුතුයි. ඒ සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධිකරණ කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරනවා. නමුත් අවාසනාවට සෑම රටක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන උපදෙස් පිළිපදින්නේ නැහැ".

කොරෝනා වෛරසයෙන් පිඩාවට පත්ව සිටින අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සහය දැක්වීමට අරමුදලක් පිහිටුවීමට සම්බන්ධයෙන් ද මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා මේ වන විට පුද්ගලයින් 42,341ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසයට ගොදුරුව ඇති සංඛ්‍යාව 859,796ක් වනවා.