Saturday, May 18, 2024

General line - 0115112241

වසංගත තත්ත්වයන් පාලනයට රජයෙන් අලුත් පියවරක්




වසංගත රෝග පාලනය සඳහා සෑම දිස්ති‍්‍රක්කයකම, නම් කළ රෝහලක් බැගින් වැඩි දියුණු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානී ජයවර්ධන සඳහන් කළේ "සෑම දිස්ත්‍රික්කයකම මේ වගේ වසංගත රෝග පාලනය කිරීමට අවශ්‍ය රෝහලක් වැඩිදියුණු කිරීමට මේ වන විට රජය හඳුනගෙන තියෙනවා. ඉක්මනින් පැතිර යන රෝග තත්ත්වයන් ඉක්මනින් පාලනය කිරීම එහි අරමුණයි. කොරෝනා වසංගතයේදී විවිධ රටවල් සැලසුම් කරපු විදිහටයි ඒක භුක්ති විඳින්න පුළුවන් වුණේ. අපේ රට මනා පාලනයකින් මේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අංශ රැසක් පිළිබඳවත් කටයුතු සැළසුම් කරමින් තමයි දැනටමත් අපි කටයුතු කරන්නේ." යනුවෙනි.

අවශ්‍ය පහසුකම් ලබා දෙමින් IDH රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහල වැඩි දියුණු කිරීමට ද පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානී ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.