Saturday, May 18, 2024

General line - 0115112241

රජය එළවළු මිලදී ගැනීම මාතලේ දිස්ත්‍රික්කයේ අරඹයි

අශෝක එරිමිනිගම්මන / රවීන්ද්‍ර විරාජ්




ගොවීන් වෙත ගොස් රජය එළවළු මිලදී ගැනීම මාතලේ දිස්ති‍්‍රක්කයේදී අද (11) ආරම්භ වූණා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයවීමෙනුයි මෙම මිලදී ගැනීම සිදුවන්නේ. මාතලේ දිස්ති‍්‍රක්කයට පමණක් එළවළු මිලදී ගැනීමට රුපියල් මිලියන 250ක් රජයෙන් ලැබී ඇතැයි මාතලේ දිස්ති‍්‍රක් ලේකම් එස් එම් ජී කේ පෙරේරා පැවසුවේ.

ඒ අනුව දඹුල්ල ඇතුලූ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මේ වන විට වසා දාමා තිබුණත් ගොවීන්ට අසාධාරණයක් හෝ එළවළු අපතේ යාමක් සිදු වූ නොවනූ ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම්වනරයා වැඩිදුරටත් පැවසුවේ. 

රජය මිලදී ගන්නා එළවළු පළාත් පාලන ආයතන හරහා නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පාරිභොගිකයන්ට සහන මිලට එළවළු ලබා ගැනීමට හැකි වන බවයි රජය පැවසුවේ. 

ගොවීන් වෙතම ගොස් එළවළු මිලදී ගෙන රජයේ මැදිහත් වීමෙන්ම ඒවා අලෙවි කිරීම අද ආරම්භ වූ මෙම වැඩපිළිවල සම්බන්ධයෙන් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයද ප‍්‍රශංසාව පල කළා. මේ එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.

එළවළු දුර ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සහය ලබා ගන්නා ලෙස මෙහිදී යොජනාවක්ද කෙරුණා.

එළවළු ප‍්‍රවාහනයට මෙන්ම මාලූ ප‍්‍රවාහනයටද දුම්රිය යොදා ගත හැකි බවටයි මෙහිදී වැඩිදුරටත් යෝජනා කෙරුණේ.