Saturday, May 18, 2024

General line - 0115112241

නව කොරෝනා පරදවන්න සහය දෙමින් අලූත් අවුරුද්ද නිවසේ සිට සමරන්නැයි රජය යලි ඉල්ලයි




උදාවන සිංහල සහ දෙමල අලූත් අවුරුද්ද නිවසේ සිට පවුලේ සමාජිකයන් සමග පමණක් සමරන්නැයි රජය නැවත ඉල්ලීමක් කරනවා. සියලූ පුරවැසියන් ඊට අවනත වුවහොත් නව කොරෝනා ව්‍යසනය ජය ගෙන වසරේ ඉතිරි මාස කිහිපය වඩා පහසුවෙන් සහ සතුටින් ගත කිරීමට හැකිවනු ඇති බවයි මෙහිීදී අවධාරණය කෙරුනේ. මේ ඒ පිළිබ`ද වැඩිදුරටත් කරුනු දක්වන සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආච්චි. 

මේ අතර නිවසේ සිට සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සැමරීමට සිදු වීම ඒහා බැදුනු චාරිත‍්‍ර ඉටු නොකර සිටීමට හේතුවක් නොවන බව විද්වතුන් පෙන්වා දෙනවා. සියලූ චාරිත‍්‍ර ඒවායේ අරුත මතුවන පරිදි ඉටු කිරීමට හැකි බවයි ඔවුන් පවසන්නේ.
මෙවර සිංහල සහ දෙමල අලූත් අවුරුද්ද උදාවන්නේ ලබන 13වනදායි. පරණ අවුරුද්ද ස`දහා ස්නානය අදට යෙදී තිබුණා.