Saturday, May 18, 2024

General line - 0115112241

සුලූ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාරගතව සිටින්නන් ඇප මත මූදා හැරීමට නීතිපතිගෙන් මාර්ගෝපදේශ




සුලූ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ඇප මත මුදා හැරීමට අදාලව නීතිපතිිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය සහ බන්ධානාගාරවල පවතින තදබදය සැලකිල්ලට ගෙන ඇප මත මුදා හැරීමට හැකි රැදවූවන් ඇප මත මුදා හැරීමට යලි සලකා බලන ලෙස දන්වමින් ජනාධිපති ලේකම්වරයා ඉකුත්දා යැවූ ලිපියට අදාලවයි. 

මෙම මාර්ගෝපදේශ මාලාවට අනුව සැකකරු සතුව තිබූ හෙරොයින් ප‍්‍රමාණය ශුද්ධ බර ග්රැුම් 02ක් හෝ ඊට වැඩි නොවන අවස්ථාවලදී සැකකරු ඇප මත මුදා හැරීමට සලකා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. 
මීට අමතරව ගංජා කිලෝ ග්‍රෑම් 05කට අඩු ප‍්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් තැනැත්තන්ට ඔවුන් බන්ධනාගාරගතව සිටින කාලය නොසලකා ඇප ලබා දීමටද සළකා බලන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන්නේ.

ගංජා කිලෝ ග්රැුම් 05කට වැඩි ප‍්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නම් එවැන්නන්ද මසකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීනම් ඇප ලබා දීමටද සළකා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.