Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් වෑයමට ට ශී‍්‍ර ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවද එක්වෙයි 




නව කොරෝනා ආසාධිතයන් සඳහා ප‍්‍රතිකාර කෙරෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම රෝහලවන අයි ඞී එච් උණ රෝහලේ ස්කෑන් යන්ත‍්‍රයක් ස්ථාපිත කිරීමට නෙත් එෆ් එම් රෙඩියෝව ආරම්භ කළ මෙහෙයුමට ශී‍්‍ර ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවද එක්ව වුණා. ඒ අනුව යෝජිත ස්කෑන් යන්ත‍්‍රය ස්ථාපිත කිරීම සඳහා ඉදිකෙරෙන ගොඩනැගිල්ල වෙනුවෙන් අවශ්‍ය සිමෙන්ති පරිත්‍යාග කරන බවයි එහි සභාපති මේජර් ජනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා පැවසුවේ.

යොජිත ගොඩනැගිල්ල ඉදිකිරීම ස`දහා ශ‍්‍රම දායකත්වය ලබා දෙන්නේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවයි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 92 සහ 93 කණ්ඩායම ඊට මූල්‍යාධාර සපයනවා. නෙත් එෆ් එම් රෙඩියෝව සහ අපි ජාතික බලවේගය මෙහෙයවන ශී‍්‍ර ලාංකේය විශ්වකර්ම පෙළහර යටතේයි මෙම පරිත්‍යාගය සිදු කෙරෙන්නේ.