Saturday, May 18, 2024

General line - 0115112241

අබලං වෙන්ටිලේටර් උපකරණ 12ක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය අලූත්වැඩියා කර දෙයි

කමල් සුරවීර




රජයේ රෝහල්වල තිබූ අබලං වී තිබූ ස්වශන අධාරක හෙවත් වෙන්ටිලේටර් උපකරණ 12ක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් අලූත්වැඩියා කර සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද භාර දුන්නා. මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක.

රෝහල්වල භාවිතය සදහා රොබෝ තාක්ෂණය සහිත ට්‍රොලි යන්ත‍්‍රයක් අලූතින් නිර්මාණය කිරීමට ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය සමත් වී තිබෙනවා.

අඩු වියදම් ස්වශන අධාරකයක් හෙවත් වෙන්ටිලේටර් යන්ත‍්‍රයක් නිර්මාණය කිරීමටද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිීඨය මේ වන විට කටයුතු කරමින් සිටින බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මෙහිදී කියා සිටියා.