Tuesday, May 7, 2024

General line - 0115112241

පැය 24ට ඉන්දියාවේ කොරෝනා රෝගීන් 796 ක් : මරණ 35ක්




ගතවූ පැය 24 තුලදී ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 796 දෙනෙක් වාර්තා වී තිබෙනවා. මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 9,152ක්.

එමෙන්ම කොරෝනා වෛරසයෙන් එරට ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 308ක් වනවා. ඉන් මරණ 35ක් ගතවූ පැය 24 තුලදී වාර්තා වී ඇත.

වෛරසයෙන් සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 857 ක් වන අතර ඊයේ (12) දිනය වන විට පුද්ගලයින් 195,748 දෙනෙක් පරික්ෂා කිරීම් වලට ලක්ව ඇත.

ඉදිරි සති කිහිපය තුලදී රටේ තත්ත්වය බැරෑරුම් වනු ඇති බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑම ඉතා වැදගත් බවයි ඉන්දීය රජය ඉකුත් දා නිවේදනය කර සිටියේ.