Saturday, May 18, 2024

General line - 0115112241

රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නියමයෙන් රක්ෂණ හිමියන්ට සහන




සියලූ රක්ෂණ හිමියන් සඳහා සහන ලබා දෙන්නැයි ශ‍්‍රී‍්‍ර ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ සමාගම් වෙත උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය රක්ෂණ හිමියන් සඳහා වාරික ගෙවීමට රක්ෂණ ඔප්පුව කි‍්‍රයාත්මක වන දින සිට මාස 03ක කාලයක් ලබා දෙනු ඇති. ජිවිත රක්ෂණ හිමියන් සඳහාද වාරික ගෙවීමට නියමිතව ඇති දිනයේ සිට මාස 03ක කාලයක් ලබාදෙන ලෙසයිි රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ සමාගම් වෙත උපදෙස් දී තිබෙන්නේ. 

මෙම සියලූ සහන මාර්තු මස 01වනාද සිට ලබන ජුුනි 30වනදා දක්වා කි‍්‍රයාත්මක වූ, කි‍්‍රයාත්මක වන හෝ වාරික ගෙවීමට නියමිත රක්ෂණ සඳහා පමණක් වලංගු වනවා. 

සහන කාල සීමාව තුල රක්ෂණ ඔප්පු ප‍්‍රාණවත්ව පවතින බැවින් එවායේ ප‍්‍රතිලාභද අහිමි නොවන බවයි රක්ෂණ නියාමන කොමිෂන් සභාව පැවසුවේ.