Saturday, May 18, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිතයින් සමග සිටිය තවත් 32ක් ජා-ඇලදී නාවික හමුදා භාරයට




ජා-ඇල ප්‍රදේශයේදී මීට සතියකට පෙර සොයා ගැනුණු කොරෝනා වෛරසය ආසාධිත රෝගියා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයින් 32ක් නාවික හමුදා බුද්ධි අංශ විසින් අද දිනයේදී සිය භාරයට ගෙන තිබෙනවා.

මීට දින කිහිපකට පෙර අවස්ථා දෙකකදී නාවික හමුදාව විසින් ජා-ඇල සුදුවැල්ල සහ මාකේවිට ප්‍රදේශයේ පුද්ගලයින් 80 දෙනෙක් නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබුවා.

ඒ ඔවුන් කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීපව ඇසුරු කිරිම හේතුවෙන්.

මේ අනුව අද දිනයේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබූ පුද්ගලයින් 32 දෙදෙනා ද ඔලුවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.