Saturday, May 18, 2024

General line - 0115112241

ව්‍යවසනයක් මැද පැමිණි අලුත් අවුරුද්දෙත් ජාතියට සුභ බලාපොරොත්තුවක්




ව්‍යසනයක් මැද නිවසට සීමා වී චාරිත‍්‍ර ඉටු කිරීමට සිදු වීම නිසා මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද අසුභ හෝ අදුරු අත්දැකීමක් බවට ඇතැම් අය කල්පනා කරනවා. 

එහෙත් මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුදු උදාවන්නේ ශක්තිමත් රටක් පිළිබඳ සුභ බලාපොරොත්තු රැසක් දල්වාලමින් බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. 

නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග එම වෛරසය ජය ගැනීම සඳහා නව නිර්මාණ ගනනාවක්ද කෙටි කලකදී එලි දැක්වූණා. ශ‍්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස පෙරට ගෙන යාමට එවැනි නව නිර්මාණ සහ ඒවායේ නිර්මාණකරුවන්ද යොදා ගත හැකයිි. 

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ජාතික සංවිධාන කැදවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර.

මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද උදා වන්නේ රටට අවශ්‍ය දේ රටේම වගාකර ගැනීමට නව උද්යෝගයක්ද ඇති කරවමින්. මෙම උද්යෝගයද ශක්තිමත් රටක් සඳහා මහා පිටුවහලක් වන බව නායකත්ව හා පුහුණු උපදේශක උදයා දේවමුල්ල පෙන්වා දෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සමරන්නේද ශක්තිමත් රටක් යන තේමාව යටතේයි. 

ශක්තිමත් රටක් වෙනුවෙන් ඇති දේ බෙදා ගැනීමටත්, හැකි දේ අප විසින්ම නිපදවා ගැනීමමටත් රට දිරිමත් කරමින් නෙත් එෆ් එම් රේඩියෝව අපි ජාතික බලවේගය සමග එක්ව ශී‍්‍ර ලාංකේය විශ්ම කර්ම පෙලහැරද ආරම්භ කර තිබෙනවා.