Friday, May 3, 2024

General line - 0115112241

සේවයෙන් ඉවත් වූ PHI නිළධාරීන් පිළිබඳ කරුණු හෙළිවේ




කොළඹ මහ නගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. කේ. චන්ද්‍රපාල සහ එම ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජකාරීවලින් ඉවත් වී දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවී තිබෙනවා. 

ඒ, කොරෝනා වෛරසය වැළඳි ඇත්දැයි සොයාබැලෙන පී සී ආර් පරීක්ෂාවක් සඳහා යොමු වීමට එම පිරිස කළ ඉල්ලීමක්, බලධාරීන් ප‍්‍රතික්ෂේප කළ බව පවසමින්. 

කොළඹ නගර සීමාවේ කොරෝනා මර්දන රාජකාරී සඳහා කි‍්‍රයාකාරීව දායක වූ තම කණ්ඩායමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකයක් මතුව ඇති බැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බව එම පිරිස කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි වෙත යැවූ ලිපියක දැක්වෙනවා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණිගෙන් කරුණු විමසීමක් කළා.