Friday, May 3, 2024

General line - 0115112241

හිජාස් හිස්බුල්ලාට ඇප ඉල්ලු පෙත්සම් විභාගය මැයි 05ට කල් යයි : බදුර්දීන් ගෙනුත් පෙත්සමක්




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ලබන මැයි මස 05 වෙනිදා දක්වා කල් තබා තිබෙනවා.

ඒ අද (30) එම පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නීතිඥවරයෙක් අධිකරණය හමුවේ පෙනී සිට නොමැත.

ඒ හේතුවෙන් පෙත්සම් විභාගය මැයි මස 05 වෙනිදා දක්වා කල් තැබූ අභියාචනාධිකරණය ඊට අදාළ නොතීසි වග උත්තරකාර පාර්ශවය වෙතට ලැබීමට සලස්වන්නැයි පෙත්සම් පාර්ශවයට දන්වා සිටියා.

මේ අතර ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ මගින් ඡන්දදායකයන් ප්‍රවාහනය කළ සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.