Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් වාර්තා වු පොකුරු 27ක් අක්‍රියයි : නාදුනන අයට නවාතැන් දුන්නොත් දැඩිව නීතිය ක්‍රියාත්මකයි




මෙරට වාර්තා වන සියලු කොරෝනා රෝගීන් පොකුරු 31 ක් ආශ්‍රයෙන් සොයා ගෙන ඇති බවත් මේවන විට ක්‍රියාත්මක අවධියේ පසුවන්නේ ඉන් පොකුරු 04ක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. එම ක්‍රියාත්මක පොකුරු 04න් ද තුනක් මේ වන විට ක්‍රමයෙන් අක්‍රීය වෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ දක්වා වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් 14 දෙනෙක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම මත්ද්‍රව්‍යට ඇබ්බැහි කොරෝනා ආසාධිත පුද්ගලයා හරහා නාගලගම් විදිය සහ ගුණසිංහපුර කෙසෙල්වත්ත ප්‍රදේශයන්ටද වෛරසය ව්‍යාප්තවී එක් පොකුරක් (Cluster) නිර්මාණය වූ බවයි.

මේ හේතුවෙන් වතු සහ මහල් නිවාස ආශ්‍රිත ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවද කියා සිටියා.

යම් කිසි අයුරකින් නාදුනන පුද්ගලයින්ට සිය වතු ආශ්‍රිතව සහ මහල් නිවාසවල නවාතැන් ගැනීමට ඉඩ නොදිය යුතු බවත් එලෙස පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ලගම ඇති පොලිසියට හෝ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරිමට පියවර ගත යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ.

යම් හෙයකින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ එවැනි පුද්ගලයෙකුට නවාතැන් ගැනීමට ඉඩලබා දෙන ඕනෑම පුද්ගලයෙක්ට නිරෝධායන නීතිය, අපරාධ නීතිය යටතේ නීති ප්‍රකාරව කටයුතු කරන බවටද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.