Saturday, May 4, 2024

General line - 0115112241

දකුණු ආසියානු රටවල සිර වී ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම සාර්ථකව අවසන්




කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව දකුණු ආසියානු රටවල සිර වී සිටි ශී‍්‍ර ලාංකික සිසුන්, රාජ්‍ය සහ හමුදා නිලධාරීන් මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම සාර්ථකව අවසන් කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය අපේ‍්‍රල් 21 වනදා සිට දින 10 ක කාලයක් තුළදී ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල සිර වී සිටි ශී‍්‍ර ලාංකික සිසුන් 1,065 දෙනෙකු මෙරටට රැගෙන ආ බවයි. එම මෙහෙයුම සඳහා ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම විශේෂ ගුවන් ගමන් වාර 09 ක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. එලෙස මෙරටට පැමිණි සියලූදෙනා මේ වනවිට අනිවාර්ය නිරෝධායනට ලක්ව සිටින බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.