Friday, May 3, 2024

General line - 0115112241

නාවික සෙබලුන් ඇසුරු කළ 05 කට කොරෝනා : මුළු සංඛ්‍යාව 674 දක්වා ඉහලට




නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව අද සවස 6.00 වන කොරෝනා ආසාධිත රෝගීන් 09 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් රෝගීන් ගෙන් 05 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් ළගින් ඇසුරු කළ අයයි.

මිට අමතරව කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා වන අතර සෙසු රෝගීන් තිදෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

මේ දක්වා කොරෝනා ආසාධනය වූ රෝගීන් 157 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.