Friday, May 3, 2024

General line - 0115112241

දිනකට සිදුකරන PCR පරීක්ෂණ 6000ක් දක්වා ඉහළ නැංවීමට සුදානම්




කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් ඉදිරියේදී සිදු වුවහොත් දිනකදී සිදු කරන පී සී ආර් පරීක්ෂණ 6,000 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පිහිටුවන ලද විශේෂ කි‍්‍රයාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද රැස් වූ අවස්ථාවේදීයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී එම රැස්වීම පැවැත්වුණා. 

මේ අතර, අද දිනයේ කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන්ගෙන් 05 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ළගින් ඇසුරු කළ අය වන අතර, තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වනවා. තවත් ආසාදිතයෙකු වාර්තා වී ඇත්තේ කොළඹ ප‍්‍රදේශයෙන්. 

ඒ අනුව, ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 674 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඒ අතරින් පුද්ගලයින් 157 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.