Monday, May 13, 2024

General line - 0115112241

හිටපු ඇමති බදුර්දින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 




කොරෝනා වෛරසය  ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ ( All Ceylon Makkal Congres) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරන ලදී.   

මෙම පෙත්සමෙන් සෞඛ්‍ය  ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා   වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.    

කෝවිඩ් වසංගතයට ගොදුරු වී  මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය. එසේ තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ස්ලාම් භක්තිකයන්ගෙ විස්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටියි.