Monday, May 13, 2024

General line - 0115112241

මෝටර් රථ සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ




මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කළ ද අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට කිසිදු තහනමක් නොමැති බව සම කැබිනට් ප‍්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ආනයන සීමා කිරීම හේතුවෙන් මතුවිය හැකි ගැටලූ ඇතුළු ජාත්‍යාන්තර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් මතුවන ගැටලූ විස`දීම ස`දහා අග‍්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර, කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට හා අඩු ආදායම්ලාභීන්ට ලබා දුන් රුපියල් පන්දහසේ සහන දීමනාව මැයි මාසය සඳහාද ද ලබා දීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබෙනවා. 

ඒ යටතේ පුද්ගලයින් පනස්එක්ලක්ෂ 44,046 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25,720 ක මුදලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණේ.