Monday, May 13, 2024

General line - 0115112241

කොස්ගොඩ තාරක රඳවා සිටි වාට්ටුවෙන් ජංගම දුරකතන 04ක් මතු වෙයි




කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සිටි වාට්ටුවේ තිබී ජංගම දුරකතන 4ක් සහ සිම්පත් 05 ක් සොයාගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) පස්වරුවේ සිදුකළ වැටලීමකදීයි. කොස්ගොඩ තාරක නමැත්තා තවත් රැඳවියන් 10 දෙනෙකු සමග රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අයි (I) වාට්ටුවේයි.

ඉකුත්දා වැලිසර, මහබාගේ ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ 225 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින් ජාවාරම සඳහා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක නැමැත්තා බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.