Saturday, May 18, 2024

General line - 0115112241

මහ මැතිවරණයට අදාළ පෙත්සම් සලකා බැලීම අද සහ හෙට




ලබන ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති පෙත්සම් අද (18) සහ හෙට (19) සලකා බැලෙනවා.

ඒ, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි. 

සමගි ජනබලවේගයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සම් අද සහ හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි. 

බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වනවා.