Saturday, May 18, 2024

General line - 0115112241

යුද්ධ හමුදාවේ 14, 617 දෙනෙකුට උසස්වීම්




හෙටට (19) යෙදෙන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසු නිලයින් 14, 617 දෙනෙකුට උසස්වීම් ලබාදීමට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව තීරණය කර තිබෙනවා.

බත්තරමුල්ල පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරක අභියස හෙට පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ දිනයේදී මෙම උසස්වීම් ලබාදීමට නියමිතයි.

රටේ බහුමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්ෂා කිරීමේදී මෙන්ම ජනජීවිතයට තර්ජනයක් එල්ල වන ස්වභාවික විපත්, ත‍්‍රස්තවාදී තර්ජන, ගෝලීය වංසගත වැනි ව්‍යවසනයන්වලදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරන කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ඔවුන් දිරිගැන්වීමක් ලෙස එම උසස්වීම් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. 

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් ලබාදුන් උපදෙස්වලට අනුව යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් සිසිර පිලපිටියගේ මගපෙන්වීමෙන් යුත්, පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙම උසස්වීම් ලබාදීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කර තිබෙනවා. 

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමාගමීව ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ එක්දිනක් තුළ ලබාදෙන වැඩිම උසස්වීම් ප‍්‍රමාණය ද මෙය බවයි ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව ප‍්‍රකාශ කළේ.