Saturday, May 18, 2024

General line - 0115112241

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කිරීම ඇරඹේ




විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කටයුතු 2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙනු අති.

කොරෝනා වෛයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 වැනි දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටුවූවා.

මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇති බැවින් රැකියා සඳහා ලියාපදංචිය කිරිම් ද එම ස්ථානවලදී සිදු කෙරෙනවා. එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබාදෙව බවද සඳහන්.

රැකියා සදහා කාර්යාංශයේ ලියාපදිංවි වීමට අවශ්‍ය මූලික ලියවිලි වලට අමතරව. දකුණු කොරියාව, ජපානය, කැනඩාව, ජර්මනිය යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ලබා ගන්නා  ශ්‍රී ලාංකිකයන් එම රටේදි, නිරෝධායනයට ලක් කරන බවට නිකුත්කල සහතික කිරිමේ ලිපියද ලියාපදිංචි කිරිම සඳහා අවශ්‍ය වනවා. විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වෙනවා.

මැදපෙරදිග හා සෙසු රටවලට විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිම් ඉදිරියේදි ආරම්භ කිරිමටද නියමිතයි.