Thursday, May 16, 2024

General line - 0115112241

පාක්‍යසෝති සරවණමුත්තු ඇතුලු පිරිස මහ මැතිවරණයට එරෙහිව යොමු කළ පෙත්සම් සලකා බැලීම හෙටට කල්යයි




එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි මස 20 වනදා පැවැත්වීමට එරෙහිව පාර්ශව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දිනය දක්වා කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. 

එම පෙත්සම් අද දිනයේ විභාගයට ගැනුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි. 

එම පෙත්සම් අද දෙවන දිනට සලකා බැලූනු අතර අද දිනයේ පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් නීතීඥ විරාන් කොරයා, නීතීඥ සුරේන්ද්‍ර ප‍්‍රනාන්දු සහ ජනාධිපති නීතීඥ ඉක‍්‍රාම් මොහොමඞ් සිය වාචික දේශන ඉදිරිපත් කළා. 

මෙහිදී නීතීඥ විරාන් කොරයා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි අතර නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු පෙනී සිටියේ පෙත්සම්කාර පාර්ශවයක් වන සමගි ජනබලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන්. 

ජනාධිපති නීතීඥ ඉක‍්‍රාම් මොහොමඞ් තවත් පෙත්සම්කාර පාර්ශවයක් වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය වෙනුවෙන් පෙනී සිටියා. 

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි මස 20 වනදා පැවැත්වීමට එරෙහිව ජනාධිපති නීතීඥ චරිත ගුණරත්න විසින් ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙට සලකා බැලීමට නියමිතයි.